Font size:
ඒ සොඳුරු සමනල් වියේ පිය නැගූ ඒ මාවතේ සුවඳයි ඔබේ ආදරේ// හිනැහෙන්න සෙව්වන්දියේ// කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ// ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ// සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනැහෙන්න සෙව්වන්දියේ// කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ// ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ මළ හිරු බැස යන යාමේ සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ ඔබේ සෙනෙහෙ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ හිනැහෙන්න සෙව්වන්දියේ// ඒ සොඳුරු සමනල් වියේ...