අයියණ්ඩියේ
Ayiyandiye
Music: ගුණදාස කපුගේ Lyrics: නාගොල්ලාගම නිමල් ආනන්ද
Font size:
අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිණි ඇවිලුණා කැණි මඬලට අප නිවසේ එක පත අනා එකටම කෑ පෙර දවසේ මම අමතකද නුඹ රජ වූ අද දවසේ අම්මා එක්ක දබරව පැන ගිය ඇන්නේ ළැම දා ගියා බත හිර වුණි කුස ගින්නේ දෑසේ කදුළු වැහි පොද ලෙස වෑහෙන්නේ වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ විළට සැපක්දෝ නියඟය දළු ලෑම සඳට සැපක් දෝ ගණදුර පෑදීම නුඹට සැපක් දෝ අප තනි කර යෑම මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම
Singers
Data
Last updated May 2026