Font size:
උඩරට කඳුකර සිරියා පරදන රූබර මුහුණ ඔබේ රතැඟිලි දිගු කර මදහස නංවන තේ දළු නෙළන ළඳේ... රට පණ ගන්වන ජාතිය සුරකින ජාතික ධනය අපේ අපි ණය ගැති වෙමු සුකොමළ දෑතට තේ දළු නෙළන ළඳේ... උඩරට කඳුකර... ලියලන දළු වල කරටිය හැම විට ඔබේ නෙත් දෙසට නැමේ දන මන පිනවන ඉමිහිරි පානෙකි පිටරට යවන අපේ... තේ වල යහපත ලොවටම සලසන කම්කරු ළඳකි ගමේ ලංකා පොළොවේ පැලවෙන තේ ගස ඔබේ දෙවි රකිනු ලැබේ... උඩරට කඳුකර...