Home/Songs/මල්වාරම්

මල්වාරම්

Malwaram

Music: කපිල් Lyrics: සජිත් චතුරංග
Font size:
මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින්
ආගන්තුක සෙනෙහෙන්, නෙතු සලමින්, බොරු හේතු කියමින්
ආසයි පෙර වාගේ, ඔය තුරුලේ, නැලවෙන්න රහසේ
දෑසින් ළංවුයේ, ඇයි මෙතරම්, වෙන්වෙන්න නම්

නිදි නැති රැය බොඳ වීලා
උණු කඳුළක නෙත සතපාලා
ආදරවන්තිය හඬවා, දුර ගිහින් හිත පාවෙලා
මුළු හද ගිනිගණ් පුපුරාලා
මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකේ දල්වාලා
සිහිනයෙන් වෙන්වෙලා

මුදු හසරැලි ශීත යායේ
මුතු කුඩ යට උන්නු කාලේ
කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
හිස මත ඔය අත තියා මා සනසලා දිවුරාලා හිමිහිට
කීදේ අද බොඳ වෙලා, මා තනිවෙලා සුසුම් වෙතින්

නිදි නැති රැය බොඳ වීලා...

සායම්කළ දෑස මානේ
මායම් නැති හීන ගානේ
බෝසත් හිමිකම පාවීලා යන්නේ කොහේදෝ සඳ යාමේ
හිත රස ඇති පැන් සොයා එය උදුරලා පියඹා දුරකට
සමනල පෙති අග ලියු සංවේදනා ඔබේ නමින්

නිදි නැති රැය බොඳ වීලා...

මල්වාරම් ගයමි, හිත නිවමින්, මදහාස නගමින් ...

නිදි නැති රැය බොඳ වීලා... 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.