Home/Songs/කස්තුරි සුවඳකි

කස්තුරි සුවඳකි

Kasthuri Suwandaki

Shaheena Music: භාතිය ජයකොඩි
Font size:
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරලූ
ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ
සපුමල් සරසන රම්‍ය වසන්තය නිම නොවනා ලෙස තනපූ
ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ...

ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා

(මම තමා ඒ වසන්තය නම් ඔබ තරම් ලංවූ
හැන්ගිලා හෝ පාව ඉන්නයි මන් බලා ඉන්නේ...//)

(ගිම්හානේ වාගේ පාළුයි කවුරුත්ම නෑනේ යාළු
ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ..//)

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා 
සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!]
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා...

කස්තුරි සුවඳකි සත්තකින්ම...

ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා

මම තමා ඒ වසන්තයනම්...

[Rap]

(මල්යාය ‍වාගේ උමතූ අනුරාගි හැඟුමක මියුරූ
විඳගන්න මා ලුහු බැඳපූ මනමාලයා ඔබලූ...//)

කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා
ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා 
සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!]
ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා...

කස්තුරි සුවඳකි සත්තකින්ම...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.