Font size:
ආදරේට කෝඩුකාර පුංචි කිරිල්ලී මතක නැද්ද අපි දිව්වා වෙල් ඉපනැල්ලේ පාට පාට හීන පිරුණු නුඹේ ලෝකයෙන් (ගිලිහෙන්නට දෙන්ට එපා එයයි ජීවිතේ...//) දකින දකින විටදී මාදෙස ආදරෙන් බලා කතා කරන දෙනෙත් වලින් ඔයා ඉඟි කළා මහමෙරකට පැතුම් වෑහෙන බරට අඩි තියා (හීන වලට පාර කියන තාරකා ඔයා...//) ආදරේට කෝඩුකාර පුංචි කිරිල්ලී මතක නැද්ද අපි දිව්වා වෙල් ඉපනැල්ලේ... නිල් කටරොළු පිපී වැනෙයි නුඹ යන පාරේ හිත් අහසට සුවඳ දෙන්න එය මදි වාගේ හීන ටිකක් තුරුලු කරන් පිච්ච මල් වගේ (මම ඉන්නම් මග බලාන එනකම් මැණිකේ...//) ආදරේට කෝඩුකාර...