Home/Songs/හැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය)

හැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය)

Hagumbari (Paya Enna Hiru Se Movie Song)

Music: මහේෂ් දෙනිපිටිය Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
සීතල වතුරෙන් සේල ඇඳන්
සිතුවිලි රැලි පාලමේ ඉඳන්
හීගතු සුළගෙන් තාල අහන්
හැගුම්බරී මනමාල රැඟුම්
සවුදිය පුරනා ඔමරි බැලුම් 
හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්
ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්

රාග සුරල් ගී වාද පවා - පස්සට පහුකර ඇස් දල්වන් 
රාග සුරල් ගී වාද පවා - පස්සට පස්සට පහුකර ඇස් දල්වන්
ත... ත... තරුණ විසේ හිස ඔසවනකම්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්
(හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්)..//

සාද තොරන් යට බේද තබා 
ඉස්සර කරගෙන ගයන ගැයුම් 
හි.. හි.. හිස් අහසේ හිස් වදින තරම් 

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්

සීතල වතුරෙන් සේල ඇඳන්
සිතුවිලි රැලි පාලමේ ඉඳන්
සවුදිය පුරනා ඔමරි බැලුම් 
හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්
ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.