Home/Songs/චම්පා

චම්පා

Champa

Music: පොප් පන්ක් Lyrics: පොප් පන්ක්
Font size:
අඳුරේ නොපෙනෙනා සැඟවූ ඒ චායා 
කඳුලේ තැවරුනා 
සිහිනෙන් රූ මවා සුසුමන් සෝ දවා 
නොපෙනෙන දුර තබා 
රුව දෙව්ලියක සේයා ඈ හංසියකි මායා 
සිත සනසයි ඒ දැකුමන් පවා 
ඒ දිස්නයක සේයා හද රශ්මියක ගාවා 
මා සනසයි ඒ ගී ගායනා 

ඒ සිල් ගත්තු හද ගත්තු ඔබෙ රුවම 
මම මත්වූ ආදරියේ බොළඳයි ඔයා 
මේ මනමාල සුකුමාල ඔය දෑස 
මට බාර මියුලැසියේ සනසයි ඔයා

විඳවන්න සංකා දාගෙන විදුලි පංකා 
මහ ගෙවල් හික්කා තිබ්බ ඉඩම් වික්කා 
වැටෙයි මට ඉක්කා පනියිද මගේ හක්කා    
පෙට්ටි ගණන් ට්‍රන්ක 
උඹට ලියපු ලියුම් එකතු කරලා 
කඩලා කඩේට මං වික්කා කලා අනුකම්පා 
උනේ භූමි කම්පා හැදුනේ සරම්පා 
ලවු කෙරුවේ ගම්පහ පඳුරු අස්සේ රම්පා 
කෙල්ල මගෙ චම්පා මස්සිනා සම්පා 
විකුණන්නේ පොම්පා 

ඈ අඳුරේ රහසක්ද කීවා මා රිසිසේ ලංවුනිද ඈ හා 
ඒ පහසේ මිහිර බවත් පරයා
සිත නොනැසේ නම් මා සිටින්නේ 
ඒ ආදරයේ වෙනසේ මෙදා  
    
ඒ සිල් ගත්තු හද ගත්තු ඔබෙ රුවම 
මම මත්වූ ආදරියේ බොළඳයි ඔයා 
මේ මනමාල සුකුමාල ඔය දෑස 
මට බාර මියුලැසියේ සනසයි ඔයා
මේ හදගැස්ම ඔය බැල්ම ඔබෙ නමට 
සිත බැන්ද ආදරය මිහිරී තමා 
මේ මනමාල සුකුමාල ඔය දෑස 
මට බාර මියුලැසියේ සනසයි ඔයා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.