Home/Songs/තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්‌ දෙක ඔබේ

තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්‌ දෙක ඔබේ

Thamath Muna Gahune

Font size:
තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්  දෙක ඔබේ
හිතට හිතක්  ළං වීලා කල්පයක්  වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්  වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්  වගේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.