Font size:
(ගම්බද ලලනී සුකුමාලි ගමටම ඔබ මනමාලි දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී...//) අර බලන්න සඳ පානයි සෝබන දිය ඇල්ලයි ඔබ දුටු විට ඉව අල්ලයි (ඈත අහසෙ අඩ සඳ වන් හොඳ පලු නළලයි සුර ලෝකේ සුරංගනිය පරාදයි...//) ගම්බද ලලනී සුකුමාලි....../ ඔය මුකුත් එපා ඔබේ දුගී පැලය මට සැපයි ඔබ ලබන් ඉඩම් කඩම් මට හිඟයි (අපි එක පැලකට වන්නෙ සුදෝ එන බක් මහටයි අපි වාගේ අයට දෙවියන් පිහිටයි...//) ගම්බද ලලනී සුකුමාලි....../ ඔබ ගයන ගීත රාගයෙන් උදම්ව සැලි සැලී සීත ජලය ආපි ඇද හැලී (ඔය අත ගෙන සැනසෙන්නෙ මෙමං කවදද ලලනී මට කියන්නකෝ ගම්බද ලලනී...//) ගම්බද ලලනී සුකුමාලි ගමටම ඔබ මනමාලි දැක්කොත් උදෙන්ම සීදේවි දවසම සෙත සෑදේවී දවසම සෙත සෑදේවී