Home/Songs/අයදින්නේ නෑ

අයදින්නේ නෑ

Ayadinne Na

Font size:
අයදින්නේ නෑ ඔබේ ආදරේ
මින් මතුවට කිසිදා
රිදවන්නේ නෑ ඔබගේ හදවත
මා ළඳුනේ මතුදා

ඔබ වෙන කෙනෙකුට බහ දී ඇති  බව
මට නොකියා ඇයි නිහඬ වුනේ //
එනිසයි මිහිරියේ ඔබේ අත ගන්නට
කල් බලමින් මා මුලා වුණේ

අයදින්නේ නෑ ....

ඔබේ සියුමැලි හද සසල කලා නම්
සමාවෙන්න මට ප්‍රිය ළඳුනේ //
ඔබට සුභ පතා ඔබගෙන් සමුගෙන
මා අද වෙන්වී සිනාසෙමි

අයදින්නේ නෑ ......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.