මම නිවෙමි තවම රහසින්
Mama Niwemi Thawama Rahasin
Mama Niwemi Thawama Rahasin Music: නවරත්න ගමගේ
Font size:
මැටි කලේ පිරුණු සිලිලෙන් නුඹෙ දෙතොල සිපගනීනම් මහ ඔයේ සිසිල් දියකඳ නුඹෙ පහස ලබයි සැනෙකින්...// ලදළු සැලෙන පවනින් තුරු ලතා මඩුලු අතරින් නුඹෙ මුවග රැඳෙන හසකැන් මට පෙනේ පුරුදු විලසින්....// මැටි කලේ පිරුණු සිලිලෙන්... ඉර වඩින සඳලු තලයෙන් සිප හමන සුවඳ දහරෙන් නුඹෙ මුහුල සිඹින පවනින් මම නිවෙමි තවම රහසින්...// මැටි කලේ පිරුණු සිලිලෙන්...
Singers
Data
Last updated May 2026