Font size:
සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැදලා සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා සිරී මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා...... ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි....... සිරිපාදේ වන්දවන්න....... ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්න්නයි වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි සිරිපාදේ වන්දවන්න.......