Font size:
ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නැකම නොකියන වීදි සරන ලඳුනේ...ලඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමංවන ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාගෝතමියකි පිරිමින්ගේ පාප කදට දෝස විදින ලඳුනේ අදුරේ පව් කරන දනා එළිය ලබන ලඳුනේ ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ
Singers
Data
Last updated May 2026