Home/Songs/හිමි නොවුන නෙතු

හිමි නොවුන නෙතු

Himi Nowuna Nethu

Music: සඳරුවන් ජයසිංහ Lyrics: කසුන් ප්‍රිමාල්
Font size:
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්...
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්//

හුරතල් වෙවී කනට කෙඳිරූ වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නෙ නැතිවද මෙදා...

ආ..දරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්...

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා
අද නම් ඔයා ලස්සනයි
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා
මගෙ හිතට දැන් හරි බයයි...

පාළුවේ මාව තියලා දැන්
එපා යන්න එපා යන්න එපා
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා...

හිමි නොවුන...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.