Home/Songs/සුසුමට සුසුමක්

සුසුමට සුසුමක්

Susumata Susumak

Music: රංග දසනායක Lyrics: නිලාර් N කසීම්
Font size:
චිත්‍රපටය : සුපර් සික්ස් (2012)

කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් 
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ 
සිහිනය අඩ නින්දේ තිබුනාවේ මතකේ නැලවෙන්නම් 
අපෙ හඬ විතරක් මට ඇහුනාවේ 
(නිහඬතාවේ වයන්නේ සංගීතේ...////) 
(සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...////) 

තුරු වියනට පිනිකැට වැටෙනා විට 
ඒ හඬ කවියකි නිසංසලේ 
දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට 
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ 
(නිහඬතාවේ වයන්නේ සංගීතේ...//) 

(සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...////) 

අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ 
බවුන් වඩනවා හෙමින් සැරේ 
කිසිදා නොසිදෙන ආදර උල්පත 
ගලා හැලෙන හැටි හදින් හදේ 
(නිහඬතාවේ වයන්නේ සංගීතේ...//) 

(සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...///////)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.