Home/Songs/සඳ සීත ගේන රෑ යාමේ

සඳ සීත ගේන රෑ යාමේ

Sanda Seetha Gena Ra Yame

Font size:
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ
කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ//
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී
බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ//
පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා
බඹරු රෑන මල සිඹලා පලා ගියේ නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ...

සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි
අහස සේම මල් සිහිනේ පැතිරී යාවි//
සීත රෑක තරු බොඳවී නුවරු ඈත ඇත තනිවී
තරුණ දවස නැත නිම වී ඉඳිමු සිනාසී

සඳ සීත ගේන රෑ යාමේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.