Home/Songs/ඔබ මැව්වේ

ඔබ මැව්වේ

Oba Mauwe

Music: රධීෂ් වැන්දබෝනා Lyrics: ඩිලාන් ගමගේ
Font size:
ඔබ මැව්වේ ඔබ හට නොවේ
මා වෙනුවෙනි මේ භවයේ
මා මැව්වේ මට නම් නොවේ
මා හිමි ඔයාටයි ලොවේ
මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...

පෙම්බර හිත් තීරේ ආල හැඟුම් බෝවේ
හැඟුනා ඔබේ ආදරේ ඔය රළු පපු තලයේ
පැලවෙන්නම් රහසේ ආදරේ වෑහේ හදේ
මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...

මා පැතු ඔය තුරුලේ මියදෙන තුරු රහසේ
ඉන්නයි මට ඕනේ
උපදින හැම භවයේ ඔබමයි මට ඕනේ
ඔබටයි සසර මගේ
මා ඔබේ වෙලා ඔබ මගේ වෙලා
අපි දැන් අපගෙයි නේ...

ඔබ මැව්වේ ඔබ හට නොවේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.