Home/Songs/මා ගාවින්

මා ගාවින්

Ma Gawin

Music: ඉසුරු විතානගේ Lyrics: තුෂාරි දිල්ක්ෂි වීරසිංහ
Font size:
මා ගාවින් ඇවිත් රෑ හීනයේ 
නුඹ ලඟින් සිටි වේලයේ කී රහසේ 
ආදරයේ හුඟක් දේ තිබුනා
මට හොඳින් එය දැනුනා ඒ මොහොතේ 
ඒ කාලෙත් නුඹයි මගෙ හීනේ 
මේ කාලෙත් නුඹයි මගෙ හීනේ 
නෑ වෙන්වී යන්නේ කිසිදා හිත ලඟින් 
නුඹ මාගෙන් ගියත් දුර වෙන්වී 
මම තාමත් නුඹෙන් නෑ වෙන්වී 
රෑ හීනේ ඉන්නේ සැමදා නුඹ ලඟින් 
   
දන්නා කාගෙනුත් නුඹ කොයිදැයි මම ඇසුවා
ඒ කොයි කවුරුත් නුඹ ගැන නොදනී මට කීවා 

සාගරයේ රළින් රළ පෙරලී 
අවාසේ දුකින් හිත පිරුනි ආදරයේ 
නුඹ මාගේ ලඟින් උන් කාලේ 
සඳසාවී සඳයි සේ උන්නේ අපි පෑහී 
යලි ආවොත් ලඟින් නුඹ හිඳුවා 
සතපන්නම් ආදරෙන් නාවා 
මේ වාගේ මා නම් සැමදා ආදරේ  
ලඟ නැතිවට අදත් මගෙ ලඟමයි 
මගෙ නොවුනට තවත් නුඹ මගෙමයි 
ඒ හීනේ යන්නෑ කිසිදා ජීවිතේ 

දන්නා කාගෙනුත් නුඹ කොයිදැයි මම ඇසුවා
ඒ කොයි කවුරුත් නුඹ ගැන නොදනී මට කීවා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.