Home/Songs/තව දුර නොයන්න

තව දුර නොයන්න

Thawa Dura Noyanna

Font size:
තව දුර නොයන්න මගෙ දෙනෙතින් දරා ගනු බෑ  හිතත් බිඳිලා
අමතක කරන්න වෙර දැරුවත් ඔයා මට නම් මතක් වෙනවා
කඳුලැල් නෙතින් දරාගෙනයි ඔයාට පෙම් කෙරුවේ
එක හිතක නෑ ඔයා ඒ ඇයි කියා කියන්න රත්තරනේ

හදවතින් තුරුලු වීලා ඔබ මගේමයි කියාලා
උරහිසේ හිත තියාලා රැවටුවත් බොරු ගොතාලා
එකට ගෙවූ ඒ අතීතේ මට හීනයක් වාගෙමයි
හීනයක් වාගෙමයි

තනිකමෙන් දින ගෙවිලා හිත මගේ බොඳ වීලා
දැන දැනත් අහිමි බව මා තව තවත් ලඟා ආ දා
කවදා හමුවේද ආයෙත් ඔබ හීනයක් වාගේමයි
 ඔබ හීනයක් වාගේමයි

තව දුර නොයන්න ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.