මගේ සෙනෙහේ
Mage Senehe
Music: රවින්ද්‍ර ශ්‍රීනාත් Lyrics: මාලක කොඩිප්පිලි
Font size:
මගේ සෙනෙහේ මං ළඟම තිබුණාවේ ඔබේ වෙන්න පින් මදි වුණා වාගේ උහුලන්න බෑ හිතම හැඬුවාවේ මගේ හීනේ ඔබ ඉන්නවා මං ළඟම ඔබ ඉන්නවා..... රෑ නින්දේ දැනුණ ඒ සෙනෙහේ මටම හිමි වෙයි කියා හිත රැවටුණා නොදොඩාම අහක බැලුවාම තනිව විඳි සෝ සුසුම් ඔබ දන්නේ නෑ ඔබ නැතිව මට ඉන්න බෑ තනිවෙන්න හිත හයිය නෑ..... දුර ඈත කොහොම යනවාද නොදැන මගේ ආදරේ ඇගේ අත අරන් මා උන්නේ දිනෙක ඔබේ වෙන්න ලොවම අමතක වුණේ ඒ හින්දාමයි ඔය වාගේ මට යන්න බෑ මට ආයේ ඔබේ වෙන්න බෑ...... මගේ සෙනෙහේ......