සොභා අලංකාරේ මුහුණේ
Sobha Alankare Muhune
Music: ආර් මුත්තුසාමි Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
සොභා අලංකාරේ මුහුණේ තමන්ට දැකගන්නට බැහැනේ බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි // සුසීත ගංගා තලේ නීල දිය රැල්ල වෙරළේ එළේ // ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ පැද යන්න හබලක්ද ඕනෑ ජලේ සොභා අලංකාරේ මුහුණේ තමන්ට දැකගන්නට බැහැනේ බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි // පැසීල ඇති පාඩුවේ මිහිරි රසදායී ඵල ජාති වේ // දුරදීම දැකලා දැනේදෝ කෙසේ ගෙඩි කන්න නැති දිවට නොදැනේ රසේ සොභා අලංකාරේ මුහුණේ තමන්ට දැකගන්නට බැහැනේ බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි