Home/Songs/උදුම්බරා

උදුම්බරා

Udumbara

Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
චිත්‍රපටය : උදුම්බරා (2018)

ආකාසේ වැහි අඳුර මකා දේදුනු පායාලා 
දේදුන්නේ සත් පාට වගේ ඇගෙ හිත පාට වෙලා 
ජීවිතයේ දිගු ප්‍රර්ථනා මල්බර වී සැලිලා 
ඇය යන ගමනට පාර කියන ඔහු සතුටේ කිමිදීලා 
උදුම්බරා... උදුම්බරා...  

ජීවිතයේ නොපෙනෙන කඩඉම 
ජයගන්නා අරමුණ නොබියව 
වැහැ ගැන්වී ඇත ඇගෙ හිත තුල 
ඔහුගේ ආදර බර වදනට 
පාරක් ඇත තෝරන් ඇගෙ ජීවිතයට මල් වැසි වසිනා 
ඇය තාමත් සමනලියක් දඟකාර යොවුන් විය රස විඳිනා 
දිගු දෑතත් ඇත සවිමත් මේ හදවතින්ම ඔහු දිගු කරනා 
මහ මෙරවන් ඔහු පැතුමන් නොසැලේවී   
උදුම්බරා... උදුම්බරා...
උදුම්බරා... උදුම්බරා...

ඇගෙ සිහිනය ජය ලබනා දින එනතුරු සිත සනසා 
දරු ස්නේහය හද පුරවා ඔහු මතකය ඉකිබින්දා 
ඔහුට අවැසි සෙනෙහෙ පොදක් 
ඇයගෙන් ඔහු හට පිදුනා 
ඇයගෙ ගමන ජයටැඹ හමුවී තරු බැබලේ හා 
(සුකුමල සියුමැලි ඇයට උරුම හෙට 
නවතනු බෑ කිසිවෙකුටත් 
උදුම්බරාවන් ලොවම දිනන දින 
තරු බැබලෙයි අහස පුරා)...// 

ආකාසේ වැහි අඳුර මකා දේදුනු පායාලා 
දේදුන්නේ සත් පාට වගේ ඇගෙ හිත පාට වෙලා 
ජීවිතයේ දිගු ප්‍රර්ථනා මල්බර වී සැලිලා 
ඇය යන ගමනට පාර කියන ඔහු සතුටේ කිමිදීලා 
උදුම්බරා... උදුම්බරා...  
  
ජීවිතයේ නොපෙනෙන කඩඉම 
ජයගන්නා අරමුණ නොබියව 
වැහැ ගැන්වී ඇත ඇගෙ හිත තුල 
ඔහුගේ ආදර බර වදනට 
පාරක් ඇත තෝරන් ඇගෙ ජීවිතයට මල් වැසි වසිනා 
ඇය තාමත් සමනලියක් දඟකාර යොවුන් විය රස විඳිනා 
දිගු දෑතත් ඇත සවිමත් මේ හදවතින්ම ඔහු දිගු කරනා 
මහ මෙරවන් ඔහු පැතුමන් නොසැලේවී  
උදුම්බරා... උදුම්බරා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.