Home/Songs/යන්න යන්න යන්න

යන්න යන්න යන්න

Yanna Yanna Yanna

Music: ඩැඩී
Font size:
යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි


එකට බැඳෙමින්
එකා වගේ එකා වගේ
එකා වගේ
එකම අරමුණක්
සිතේ නැගේ සිතේ නැගේ
සිතේ නැගේ

පිත්ත පන්දුවත් අත දරා
ජය පරාජයත් ඉවසනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා

යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි

දෙපිල බෙදුණත්
වෙනස් නොවේ වෙනස් නොවේ
වෙනස් නොවේ
එකම මවකගේ
දරුවො ලෙසේ දරුවො ලෙසේ
දරුවො ලෙසේ

විනයගරුක බව සුරකිනා
අභියෝගය අත් නොහරිනා
ඔබ පළඳවයි කිරුළු
ලක් මව් දිනවලා
දිනවලා

යන්න යන්න යන්න
කෙළි බිම ඔබෙයි
ගන්න ගන්න ගන්න
එහි ජය ඔබෙයි
මේ ඔබේ වාරයයි
පන්දුවෙන් ලොවම දිනනා
පිති හරඹයෙන් පිටිය සරසනා
සූරයෙක් වෙන්නයි

සූරයෙක් වෙන්නයි //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.