Font size:
කඳුලින්ම බර ආකාශ දෑසේ සංධ්වනී ගුගුරවයි වරුසා සේ සංගීතාත්මය ඒ තමයි නුඹගේ.... වචනයෙන් තොර නාදේශ්වරයාණනේ පරම හැඟුමෙහි පරමේශ්වරයාණනේ සුවහසක් රස ඟගුල් එකතුව සමුදුරක් මැයි නුඹ තැනූ තනු විශ්වයත් ඉක්මවූ ප්රැතිරාව නිම්තෙරක් නැති නුඹේ ඔපෙරාව... සූර්යයා සේම පායා දෑත් හිරු කිරණ විහිදා මහපොළවේ ශූතිය හඳුනා තුන්කල්ම දකිනා මිනිසා හඳුනාගත්තොත් ... අසීමිත මිනිසා ඔබයි... ගියත් නික්මි සමුනොගත් මිනිසා ඔබයි ...
Singers
Data
Last updated May 2026