Font size:
ඔයාට මාව එපා කිව්වට ඒ දේ පිළිගන් නැති මේ හිත හිතුවක්කාරයි හිතේ තියාගෙන හිනාවෙන්නට ආයේ එන්නේ නැති කාලය සුළඟක් වාගෙයි (මං තාමත් ඔයාට ආදරෙයි...//) හිතන්න බැරි ඇය පෙමින් බැඳෙනු දැක දුකින් තැවෙන මගේ දෙනුවන් පාරවයි ළඟින් රැඳුනු ඔබ දුරින් හිඳින විට දණින් වැටෙන හිත අදටත් නාතුරයි (මං තාමත් ඔයාට ආදරෙයි...//) ඔබත් නොමැති මට හෙටක් කුමකටද සුසුම්බරිත හද සරදම් වී අසයි ගියත් දුරක අද මගෙන් වෙන්ව ඔබ සදාතනික පෙම දැනටත් දළු දමයි (මං තාමත් ඔයාට ආදරෙයි...//) ඔයාට මාව එපා.... (මං තාමත් ඔයාට ආදරෙයි...//)