Font size:
වැහි පබළු සැලී ඉඟි කරනා හැටි දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී (මම නෙතු නොපියා හිඳිමී...//) (ළැම සළු ඉහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් හෙළමී...//) සිහිනෙන් දකිමී... සිහිනෙන් දකිමී... මල් කිණි මම සිඹින හැටී වැහි පබළු සැලී.... (රතැඟිලි සුවදී හිස පිරිමදිමි ඔබ දැක මුනිවත රකිමී...//) මම පෙම් බඳිමී... මම පෙම් බඳිමී... සිහිනෙන් ඔබෙ සුව විඳිමී වැහි පබළු සැලී....