Home/Songs/සිංහ විසේ

සිංහ විසේ

Sinha Wise

Music: ෂෙනාල් මද්දුමගේ Lyrics: සඳුන් පෙරේරා
Font size:
ටී විස්සයි විස්සේ කොයි කව්රුත් ගැස්සේ
ජය ඝෝෂා අස්සේ sixer සැණකෙළියට යමු අපි දැන් සිත්සේ
යෝකර් පෙළ ගැස්සේ ලෝකෙම දණ ගැස්සේ
නෑ වංචා කෙරුවේ ක්‍රිකට් මහත්වරු කියලයි කව්රුත් දන්නේ
සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා
පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා
ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...
(සිංහ විසේ මේක තමයි...
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...//)

ශ්‍රී ලංකා නාමේ වසයි පිටිය මැද්දේ
රතු පාවඩ මත්තේ කුසලානය අරගෙන යන්න තමයි බැස්සේ
ලකුණ ලකුණ පස්සේ හඹා යාවී සිත් සේ
කෝපි බිබී රස්නේ ටීවි වටකරගෙන බලන්නටයි ඇත්තේ
සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා
පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා
ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...
(සිංහ විසේ මේක තමයි...
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...//)


Score board එක පැත්තේ කලබල හැමතිස්සේ
තුන් ඉරියව් ඔස්සේ දිනුමට ළංවෙන්නේ අපි sixer වැස්සේ
කයිවාරු පස්සේ වැඩ පෙන්වමු ඉස්සේ
නිසැකයි අවසානේ සිංහ ධජය ලෙළදෙයි
වැහි පිට වැහි මැද්දේ 
සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා
පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා
ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...
(සිංහ විසේ මේක තමයි...
සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.