අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ
Andara Kale Katu Akule Pipunu Male
Font size:
අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ සුන්දර ලොවේ ලොව දිලුණට කිමද පලේ සුන්දර ලොවේ ලොව විස කටු ඇනෙන නෙලේ ඉස්සර වගේ ඉගිබිගිකම් එපා නුඹේ.... මද්දහනේ ගම් මැද්දේ ඇවිල ගියා නුඹේ නමට හොර රහසේ ගෙතුනු කතා ඒ සන්දියේ බැඳි සෙනෙහේ සිදී ගියා ගමේ කමට බහ දුන්නේ හිතට හොරා.... අන්දර කැලේ.... වෙල් එළියේ ඉපනැල්ලේ එළිය මකා බක්මීමලේ පුසුඹත් නුඹ අරන් ගියා හිත පෑරුණේ රට්ටුන්ගේ කතා අසා පිටමං වෙලා ඉන්නම් ගම නිවෙනාතුරා..... අන්දර කැලේ....
Singers
Data
Last updated May 2026